2024 ජනවාරි 13 වන සෙනසුරාදා

ජනාධිපතිවරණය කැඳවන්නේ මැතිවරණ කොමිසමයි - අධ්‍යක්ෂ ජනරාල්

 2024 ජනවාරි 13 වන සෙනසුරාදා, ප.ව. 02:00 46

දේශපාලන වාර්තාකරු I

මෙම වසරේ පැවැත්වීමට යෝජිත ජනාධිපතිවරණය කැඳවීමේ නිල ප්‍රකාශය නිකුත් කිරීම සහ මැතිවරණය පවත්වන දින නියම කිරීම සිදුකරන්නේ මැතිවරණ කොමිෂන් සභාවෙන් බව මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා දේශයට පැවසීය. එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මැතිවරණ කොමිෂන් සභාවට හිමිව ඇති බලය අනුව සිදුකෙරෙන බවද ඔහු සඳහන් කළේය.

පවත්නා ව්‍යවස්ථානුකූල තත්ත්වය යටතේ ජනාධිපතිවරණය සැප්තැම්බර් දෙවැනි සතියත් ඔක්තෝබර් මස දෙවැනි සතියත් අතර කාලය තුළ පැවැත්විය යුතු බවද ඔහු අවධාරණය කළේය. ඊට අදාළ පියවර ගැනීම මැතිවරණ කොමිෂන් සභාවේ මූලික නිල වගකීම බවද හෙතෙම වැඩිදුරටත් කීය.