2024 ජනවාරි 13 වන සෙනසුරාදා

’’ටින්’’ ඉල්ලා අයැදුම්පත් 87,900ක් දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්

 2024 ජනවාරි 13 වන සෙනසුරාදා, ප.ව. 02:00 37

 ව්‍යාපාරික වාර්තාකරු I

මේ සතිය වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත ආදායම් බදු ලියාපදිංචිය සඳහා ((TIN අංක ලබාගැනීම සඳහා) අයැදුම්පත් 87,900ක් (අසූහත් දහස් නවසියයක්) ලැබී ඇතැයි දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් සේපාලිකා චන්ද්‍රසේකර මහත්මිය දේශයට පැවසීය.

එයින් අයැදුම්පත් 40213ක (හතළිස් දහස් දෙසිය දහතුනක) ලියාපදිංචි කටයුතු අවසන් කළ බව පැවසූ කොමසාරිස් ජනරාල්වරිය දෙපාර්තමේන්තුව සතු තාක්ෂණික පහසුකම් අනුව ඉදිරි කටයුතු ද කරගෙන යන බව වැඩිදුරටත් කීවාය.

පෙබරවාරි මස 01දාට පෙර TIN අංකය ලබාගැනීම අනිවාර්ය කර ඇතැයි පළවන අදහස් නිවැරදි නොවන බව පැවසූ කොමසාරිස් ජනරාල්වරිය වයස අවුරුදු 18 ඉක්මවූ සැම දෙනකුම බදු ලියාපදිංචිය ලබාගත යුතු නමුත් ඒ සඳහා තවත් කෙටි කාලයක් ලබාදීමට අදහස් කරන බවද කීවාය. එසේම එසේ ලබා නොගන්නා අය සම්බන්ධයෙන් කඩිනමින් නඩු පැවරීමට අදහස් නොකරන බවද පැවසුවාය.

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:01