I ගයාන් ගාල්ලගේ
ආර්ථිකය කඩාවැටීමත් සමඟ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා කළ තුන් ලක්ෂ පනස්දහසකගේ (350,000) රැකියා මේ වනවිට අහිමිව ගොස් ඇති බව ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන සභාවේ සභාපති සුසන්ත ලියනාරච්චි මහතා දේශයට පැවසීය. ඉන් පිරිසක් විවිධ රැකියා සඳහා විදෙස් ගතවී ඇති බවත් තවත් පිරිසක් මෙරට විවිධ රැකියා සඳහාත්, පිරිසක් රැකියා අහිමිව සිටින බවත් කරන ලද සොයා බැලීම්වලදී අනාවරණය වී ඇති බව හෙතෙම සඳහන් කළේය.
එසේම ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ආයතන රැසක්ද වසා දමා ඇති බවත් ඇතැම් ආයතන විදෙස් රටවලට රැගෙන යාමට සූදානම්ව පවතින බවත් හෙතෙම කීය.
විශේෂයෙන් එම ක්ෂේත්‍රයේ වැඩකටයුතු සඳහා මිලදී ගත් යන්ත්‍රෝපකරණ දිරායමින් පවතින බවද ලියනාරච්චි මහතා ප්‍රකාශ කළේය.