සංජීවිකා සමරතුංග I
වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නියමය පරිදි පසුගියදා කඩා ඉවත් කරන ලද දෙහිවල සෝල්බීච් හෝටලය එහි හිමිකරුවන් විසින් ඉදිරි දෙසතිය තුළ නැවත ඉදිකර ව්‍යාපාරික කටයුතු ආරම්භ කරනු ඇතැයි ඉහළ පෙළේ ආරක්ෂක අංශ ආරංචි මාර්ග පවසයි.
මෙම හෝටලය මොහොමඩ් අබ්දුල් කාදර් මොහොමඩ් රිෆාර් නැමැති ව්‍යාපාරිකයකුට අයත් වූ අතර එහි කළමනාකාර අධ්‍යක්ෂවරයා වූයේ ප්‍රකට උපකාරක පන්ති ගුරුවරයකු වන සම්පත් අත්තටගේය.
මෙම හෝටලය ඉවත් කිරීමේ සිද්ධිය මාධ්‍යයේ මහත් ආන්දෝලනයකට ලක් වූවකි. ඇතැම් මාධ්‍ය වාර්තා කළේ සෝල්බීච් හෝටලය ප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයකුට අයත් වූ අනවසර ඉදිකිරීමක් නිසා ඉවත් කළ බවයි.