2024 ජනවාරි 20 වන සෙනසුරාදා

වසරක් මෙරට තුළ බඩු මිල සියයට හතළිස් හයකින් නැගලා - B.B.C. සමීක්ෂණයක් කියයි

 2024 ජනවාරි 20 වන සෙනසුරාදා, ප.ව. 02:04 79

ව්‍යාපාරික වාර්තාකරු I

ජනතාවට අත්‍යවශ්‍ය සිල්ලර බඩු මිල වසරක කාලයක් තුළ සියයට හතළිස් හයකින් (46%) පමණ ඉහළ ගොස් ඇතැයි ජාත්‍යන්තර වශයෙන් මෙරට බඩු මිල සම්බන්ධයෙන් කරන ලද සමීක්ෂණයකදී හෙළිදරව් වී තිබේ.

මෙම සමීක්ෂණය පවත්වා ඇත්තේ බ්‍රිතාන්‍ය ගුවන්විදුලි සේවයයි. (BBC ආයතනයයි). එළවළු තුනක්, සහල් වර්ග දෙකක්, සීනි සහ මාළු වර්ගයක් හා පළතුරු වර්ග දෙකක් ඇතුළත් බඩු මල්ලක මිල මෙසේ ඉහළ ගොස් ඇතැයි එම වාර්තාව වැඩිදුරටත් කියයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්තා සහ විවෘත වෙළෙඳපොළේ දෛනික සිල්ලර මිල පදනම් කරගෙන අදාළ සමීක්ෂණ වාර්තාව සකස් කර තිබේ. 2023 ජනවාරි මාසයේදී එම සඳහන් භාණ්ඩ ඇතුළත් බඩු මල්ලක මිල රු. 7176/- කි. එම බඩු මල්ලම 2024 ජනවාරි මාසයේ දී රු. 10454/- ක් දක්වා රුපියල් 3278/- කින් ඉහළ ගොස් ඇත. ඒ අනුව භාණ්ඩ මිල ඉහළ යාමේ ප්‍රතිශතය සියයට හතළිස් හයක් බව බී.බී.සී වාර්තාව සඳහන් කරයි.