I සංජීවිකා සමරතුංග
පාර්ලිමේන්තුවට සේවකයන් බඳවා ගැනීමේදී මෙතෙක් අනුගමනය කළ මාපිය දූදරු පදනම අහෝසි කිරීමට පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල හා උපදේශක කාරක සභාව ඒකමතිකව තීන්දු කළේය. මෙරට පාර්ලිමේන්තු ක්‍රමය ආරම්භයේ සිටම මව හෝ පියා පාර්ලිමේන්තු සේවකයෙක් නම් ඒ අයගේ දරුවෝ අධ්‍යාපන සුදුසුකම් මත පාර්ලිමේන්තු සේවයට බඳවා ගනු ලැබූහ.
එහෙත් මෙම තීරණයත් සමඟ එලෙස සේවකයන් බඳවාගත් මාපිය දූදරු පදනම අහෝසි කෙරෙනු ඇතැයි දේශයට වාර්තා වෙයි. ඉදිරි කාලයේදී පාර්ලිමේන්තුවේ සේවය සඳහා සේවකයන් බඳවාගනු ලබන්නේ විවෘත අයැදුම්පත් ක්‍රමයක් අනුව බව එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දේශයට පැවසීය.