දේශපාලන වාර්තාකරු I
රට දැය සමයේ අයිතීන් සුරකින ජාතිකවාදී අපේක්ෂකයෙක් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට මන්ත්‍රීන් පිරිසක් සැරසෙන බව දේශයට වාර්තාවෙයි.
මේ සම්බන්ධයෙන් දේශයට කරුණු දැක්වූ පක්ෂ නායකයකු හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සඳහන් කළේ මේ සඳහා සුදුස්සන් ගණනාවක් ගැන දැන් සලකා බලමින් සිටින වගයි.
එහෙත් මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගනු ලබන්නේ මෙරට ජාතිකවාදී ප්‍රතිපත්ති සහිත සංවිධාන සමඟ සාකච්ඡා කිරීමෙන් පසුව බවද ඔහු සඳහන් කළේය