අධිකරණ වාර්තාකරු I
ශ්‍රී ලංකා මහාධිකරණ විනිසුරුවරුන්ගේ සංගමයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හමුවීමට අවස්ථාවක් ලබා දෙන ලෙස එම සංගමය කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ. මහාධිකරණ විනිසුරුවරුන්ගේ සංගමය වෙනුවෙන් එහි මහලේකම් මහාධිකරණ විනිසුරු නලින්ද හේවගේ මහතා කතානායකවරයාගෙන් මෙම ඉල්ලීම කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග කියයි.
පුරප්පාඩුව පවත්නා අභියාචනාධිකරණ විනිසුරු තනතුරු පිරවීම සඳහා එම සංගමය සකස් කළ යෝජනා මාලාවක් ව්‍යවස්ථා සභාවට භාර දී ඒ ගැන සාකච්ඡා කිරීමට තමන් අපේක්ෂා කරන බවද මහාධිකරණ විනිසුරු සංගමය කතානායකවරයා වෙත යොමු කළ ලිපියේ සඳහන්ය.