ව්‍යාපාරික වාර්තාකරු I
දකුණු ආසියාවේ ප්‍රධානතම දුරකථන සේවා මෙහෙයුම්කරු ලෙස සැලකෙන ඉන්දියාවේ කෝටිපති ව්‍යාපාරික මුකේෂ් අම්බානිට අයත් J.I.O සමාගම ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ බහුතර කොටස් මිලදී ගැනීම සඳහා සිය අභිලාෂය ලිඛිතව ප්‍රකාශ කර ඇතැයි දේශයට වාර්තා වෙයි.
ඉන්දියාවේ සුප්‍රකට 'රිලයන්ස්' දුරකථන සේවා සැපයුම්කරු වන J.I.O සමාගම ඇමෙරිකානු ඩොලර් බිලියන 14ක වත්කම් සහිත සමාගමකි. එසේම ඔවුනගේ ආදායම් වාර්තා අනුව 2023 වසරේ සමාගමේ වාර්ෂික ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 2.4 කි. (ඩොලර් කෝටි 240 කි.)
එම සමාගම අඩු ගාස්තු යටතේ සේවා සැපයුම ගැන ප්‍රසිද්ධියක් උසුලයි.
දැනට ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම් කොටස්වලින් 51% ක් රජය සතුය. ඉතිරි 49% ක කොටස් මැලේසියාවේ සුප්‍රකට ව්‍යාපාරික ජී. ආනන්ද ක්‍රිෂ්ණන්ට අයත් මැක්සීස් සමාගම සතුය.
J.I.O සමාගම හැර තවත් සමාගම් දෙකක් ශ්‍රී ලංකා ටෙලිකොම් සඳහා සිය අභිලාෂයන් ප්‍රකාශ කර ඇති බව සඳහන්ය.