I සංජීවිකා සමරතුංග
උතුරු සන්ධානෙට අලුත් නායකයෙක් ලබන සතියේ තෝරනවලු. ඒකට ලොකු සභාවක් මලේ නුවරදී පවත්වන්නයි හදන්නෙ.
කොහොම හරි ඔය තනතුරට විශාල තරගයක් තියෙනවා කියන එකයි ආරංචිය. කොළඹින් උතුරට ගිය මන්ත්‍රී සයිස් නීතිඥවරයෙක් සහ තවත් වන්නියෙන් ආපු හාඩ් ලයින් මන්ත්‍රී කෙනෙකුත්, මඩ තියෙන කලපුවක් පැත්තෙන් ආපු වරන් කෙනෙකුත් මේ සටනේ ලොකුවට ඉන්නවා. ඒ නිසයි සටනේ උග්‍ර බව පේන්නේ.
ඔය අල්ල පනල්ලේ එක්තරා අපේක්ෂකයෙක් ඡන්ද හිමියා සතුටු කරන වැඩකුත් දියත් කරලලු. ඒ නිසා එයාගේ පැත්තට ඡන්ද එකතුවෙමින් තියෙන බව සමහරු කියනවා. මේ හුටපටය දැනගත්ත වන්නියෙන් නායකත්ව සටනට ආපු හාඩ් ලයින් මන්ත්‍රී තැන අන්තිම මොහොතේ තරගයෙන් ඉවත් වෙන්න පුළුවන් කියලා ඇතැම් අය කියන්න පටන් අරන්.