2024 ජනවාරි 27 වන සෙනසුරාදා

විපක්ෂයේ 04ක් රජයට එකතු වීමට රහස් සාකච්ඡා

 2024 ජනවාරි 27 වන සෙනසුරාදා, ප.ව. 02:00 46

සංජීවිකා සමරතුංග I

විපක්ෂයේ සිටින මන්‍ත්‍රීවරියන් දෙදෙනකු ඇතුළු මන්ත්‍රීන් හතර දෙනෙක් පමණ ඉදිරි මාසය වන විට රජයට සහාය දීම සඳහා රහසිගත සාකච්ඡාවක් ආරම්භ කර ඇතැයි දේශයට වාර්තා වෙයි.

මෙම මන්ත්‍රීවරියන් දෙදෙනාම දැනට තමන් සිටින පක්ෂ ගැන කලකිරීමට පත්ව දැඩි නිහඬ බවක් පළ කරන දෙදෙනෙකි. එසේම රජයට සහාය දීමට යන සෙසු විපක්ෂ මන්ත්‍රීන් දෙදෙනාම ජ්‍යෙෂ්ඨතම මන්ත්‍රීන් බව දැනගන්නට තිබේ. මෙයින් එක් අයෙක් දැනටමත් තමන්ගේ දේශපාලන පිටිය සඳහා සුබ නැකැත් බැලීමක්ද සිදුකර ඇතැයි කියැවේ. රජයට සහාය දුන්න ද ඒ වෙනුවෙන් මේ අයට අමාත්‍ය පදවි හෝ රාජ්‍ය අමාත්‍ය පදවි හිමිවේද යන්න ගැන මෙතෙක් තොරතුරැ අනාවරණය වී නැත.

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:01