2024 ජනවාරි 27 වන සෙනසුරාදා

ඇඟලුම් අපනයනය පසුගිය වසරේ සියයට 20කින් බසී

 2024 ජනවාරි 27 වන සෙනසුරාදා, ප.ව. 02:00 35

I ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

2023 වසර අවසන් වන විට මෙරට ඇඟලුම් අපනයනය 20%ත් 23%ත් අතර ප්‍රමාණයකින් පහත වැටී ඇතැයි නිදහස් වෙළෙඳ කලාප ආයෝජකයන්ගේ සම්මේලනයේ ප්‍රධාන ලේකම් ධම්මික ප්‍රනාන්දු මහතා දේශයට ප්‍රකාශ කළේය. මේ වන විට අපනයන ක්ෂේත්‍රය සංකෝචනය වෙමින් පවතින අතර කුඩා හා මධ්‍යම පරිමාණ කර්මාන්තශාලා වැඩි ප්‍රමාණයක් වැසී ගොස් ඇති අතර ඇඟලුම් කම්හල් කිහිපයක් පවත්වාගෙන ගිය මෙරට මහා පරිමාණ ආයෝජකයන් ඉන් වැඩි ප්‍රමාණයක් වසා දමා  වියට්නාමය, බංග්ලාදේශය. ඉතියෝපියාව, මියන්මාරය සහ ඉන්දියාව වැනි රටවල ආයෝජනයට යොමු වී තිබේ.

මෙම තත්ත්වයට ජාත්‍යන්තර වෙළෙඳපොළේ පවතින අර්බුද බලපාන්නේ යැයි ඇතැම් අපනයනකරුවන් ප්‍රකාශ කළ ද එසේ නම් වියට්නාමය, බංග්ලාදේශය, ඉන්දියාව වැනි රටවල අපනයනය වැඩි වී ඇත්තේ කෙසේදැයි යන ප්‍රශ්නය පැන නැඟෙන බව ඔහු සඳහන් කළේය. මෙම තත්ත්වය නිර්මාණය වී ඇත්තේ බදු වැඩිවීම, විදුලි බිල, ජල බිල, සේවක වැටුප් සහ ප්‍රවාහන වියදම් ඇතුළු නිෂ්පාදන වියදම් වැඩිවීම මත ගැනුම්කරුවන් අපේක්ෂා කරන මිල ගණන්වලට ලබාදීමට නොහැකි වීමත්, ඇණවුම් අවම වීමත් වැනි කරුණු හේතුවෙනි.