වියත් මඟක් හරහා පොහොට්ටුවට සැට් වුණු ඈත පළාතින් ආපු වියතෙක් ලෙස නම් දැරූ උන්නැහේ කෙනෙක් පසුගියදා ටැලිපෝන් සන්ධානෙට යන්න හිතාගෙන ඒකෙ මහ කන්තෝරුවට ගොඩවුණා.
හිටපු සරසවි ඇදුරෙක්ද වන උන්නැහේ හැමදාම සිටියේ සිංහල දැඩි මතධාරී දේශපාලනයේ. හැබැයි නිදහස් මතධාරින් හා සුළු පක්ෂ රුසකින් සමන්විත ටැලිපෝන් කන්තෝරුවට මුන්නැහේ ගොඩවුණා විතරයි... ඩාම් ඩූම් ගාලා ලොකු විරෝධයක් ආවේ එතැන ඉන්න සුළු පක්ෂ නායකයන්ගෙන්ලු. ඒ විරෝධය හුඟාක් සැරටම මතු වුණා. අන්තිමට විරෝධය දක්වපු සුළු පක්ෂ නායකයෝ කීවේ මේ වගේ අයත් එක්ක අපි කොහොමද රෙද්දක් ඇඳගෙන එකම වේදිකාවේ ඉන්නෙ කියලලු.
ඒ නිසා ටෙලිපෝන් පක්ෂයේ ලොක්කන්ට ප්‍රශ්නයක් මතුවුණාම එයාලා වැඩිය සද්ද නොකර රජරට පළාතෙන් ආපු විද්වතාට කීවා මෙතැන ඉන්න ඕනෑ නම් කරන්න තියෙන්නේ එකම දෙයයි... ඒක තමයි පෙර කරපු වැරදිවලට සුළු ජාතින්ගෙන් ප්‍රසිද්ධියේ සමාව ගැනීම කියලා. ඒ කතාව අහපු විද්වත් මන්ත්‍රීතුමා හොඳයි අපි බලමු කියලා යන්න ගියා. ඒත් දැන් එයා රටේ ලොකු මහත්තයාගේ කණ්ඩායමට තමන්ගේ සහාය දෙන්න කතාවක් පටන් අරන්ලු.