2024 පෙබරවාරි 03 වන සෙනසුරාදා

උරුමය ඉඩම් ප්‍රදානය හෙට දඹුල්ලෙන් ඇරඹේ

 2024 පෙබරවාරි 03 වන සෙනසුරාදා, ප.ව. 02:00 22

I ගයාන් ගාල්ලගේ

රජයේ ඉඩම්වල කාලයක පටන් ගොවිතැන් කළ ගොවීන් සඳහා එම ඉඩම්වල නිත්‍ය අයිතිය ලබාදීමේ උරුමය වැඩසටහන හෙට (5දා) දඹුල්ල ක්‍රීඩාංගනයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වේ. අයවැය යෝජනාවක් මත පවුල් ලක්ෂ 20ක් සඳහා මෙම ඉඩම් අයිතිය ලබාදීමට යෝජනා වූ අතර එහි ආරම්භයක් ලෙස එදින ඔප්පු 10000ක් ප්‍රදානය කිරීමට තීරණය කර ඇත.

76 වැනි නිදහස් දිනයට සමගාමීව මෙය සිදුකරන අතර මේ සඳහා බිලියන දෙකක් රජයෙන් වෙන්කර ඇත.