2024 පෙබරවාරි 03 වන සෙනසුරාදා

’’නොපැවරූ’’ වාහනවලට නඩු

 2024 පෙබරවාරි 03 වන සෙනසුරාදා, ප.ව. 02:00 38

 ආරක්ෂක වාර්තාකරු I

මෙරට ලියාපදිංචි වාහන අසූ දෙලක්ෂයකින් (82,00000) වාහන නවලක්ෂ අසූහතර දහසක් හෙවත් 12% ක් (9,84000) පමණ අලෙවියෙන් පසු නිසි පරිදි අයිතිකරුවන්ට පවරා නැත. මෙම වාහන දැනට ධාවනය කරනු ලබන්නේ විවෘත බලපත්‍ර (Open papers) ක්‍රමය යටතේ බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.

මේ බව හෙළිදරව් වී ඇත්තේ සී.සී.ටී.වී කැමරා මගින් කොළඹ නගරයේ වාහන ධාවනය කරන්නන් විසින් සිදුකරන වැරදි හඳුනා ගැනීම සඳහා දියත් කරන ලද නියමු ව්‍යාපෘතියේදීය. ඉදිරියේදී මෙලෙස වාහන අලෙවි කිරීමෙන් පසු නිසි ලෙසට ඒවායේ අයිතිය නොපවරන්නන්ට එරෙහිවද නීතිමය පියවර ගැනීමට පොලිසිය තීන්දු කර ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් ප්‍රකාශකයෙක් දේශයට පැවසීය.

පසුගිය 22දා සිට සී.සී.ටී.වී කැමරා නිරීක්ෂණය මගින් රථවාහන වැරදි හඳුනා ගැනීමේ නියමු ව්‍යාපෘතිය ආරම්භ කෙරිණි. පෙබරවාරි 01දා සිට එලෙස හඳුනාගන්නා වැරදි සඳහා දඩ පත්‍රිකා නිකුත් කෙරෙන බවද වාර්තා වෙයි.