දේශපාලන වාර්තාකරු I
හිටපු ජනපතිවරුන් වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග හා මෛත්‍රීපාල සිරිසේනගේ මූලිකත්වයෙන් බිහිකෙරෙන නව දේශපාලන සන්ධානයේ ජනාධිපති ධූර අපේක්ෂකත්වය සඳහා ප්‍රකට ජනාධිපති නීතිඥවරයකු ඉදිරිපත් කිරීමේ සැලසුමක් ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් සන්ධානයේ ප්‍රධාන හවුල්කරු වන ශ්‍රීලනිප නායක මෛත්‍රීපාල සිරිසේන මහතා නිල නොවන එකඟතාවයකට පත්ව ඇතැයිද සඳහන්ය. ඊට පෙර ඔහු ප්‍රකාශ කර තිබුණේ තමන් ජනාධිපති ධූර අපේක්ෂකත්වය අපේක්ෂා කරන බවය. එසේ වුවද දේශපාලන අත්දැකීම් සහිත වෘත්තිකයකු ඉදිරිපත් කිරීම වඩාත් වාසිදායක බවට පසුව යෝජනාවක් ඉදිරිපත්ව ඇත.
ඒ අනුව වාර කිහිපයක් මැතිසබය නියෝජනය කළ මෙම නීති විශාරදයාගේ නාමයෝජනාව දැන් සලකා බලමින් සිටින වග දැනගන්නට තිබේ. ඒ ගැන මෙම නීති විශාරදයා ද දැනුම්වත් කර ඇතැයි වැඩිදුරටත් වාර්තා වෙයි.
ඒ අතර නව සන්ධානයට ජනරජ පෙරමුණ ශ්‍රී ලංකා මහජන පක්ෂය ඇතුළු පක්ෂ ගණනාවක් ඉදිරියේදී එක්වනු ඇතැයි නිල නොවන ආරංචි මාර්ග කියයි.