2024 පෙබරවාරි 03 වන සෙනසුරාදා

නව සන්ධානය පොදුජන පෙරමුණ: ලකුණ පුටුව

 2024 පෙබරවාරි 03 වන සෙනසුරාදා, ප.ව. 02:00 28

I ගයාන් ගාල්ලගේ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු කණ්ඩායම් කිහිපයක් එක්ව ආරම්භ කිරීමට යන සන්ධානය "පුටුව" ලකුණින් මීළඟ මැතිවරණ සඳහා ඉදිරිපත් වීමට තීරණය කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රථමයෙන් නව සන්ධානයක් ලෙස කරළියට පැමිණි පොදුජන පෙරමුණින් තරග කිරීමට නියමිතව ඇත.

නව සන්ධානය කොළඹදී එළිදැක්වීමට නියමිතව ඇති අතර ඒ සඳහා සුදුසු වෙලාවක් බලමින් සිටින බව ආරංචි මාර්ග පවසයි. දැනට මෙම සන්ධානය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරැන් 30කට අධික පිරිසක් එක්වීමට නියමිතව ඇතැයි ද සඳහන් වේ.