පසුගිය දවසක දියවන්නා කවුන්සිලේ ඉහළම පට්ටමක් දරන කෙනකුගේ පුතකුට තර්ජනාත්මක ටැලිෆෝන් පණිවිඩයක් ලැබුණා. මේ පුතත් ලංකාවේ ලොකුම ආයතනයක මහ පුටුව බාර ලොකු මහත්තයෙක්ලු.
මේ පණිවිඩය දුන්නෙත් දියවන්නාවේම මැම්බර් කෙනෙක් කියලයි ආරංචි.. එයා දරමින් සිටින එක්තරා පට්ටමක් එයාට අහිමි කරන්න මේ පුතයි එයාගේ බලවත් පියායි කටයුතු කරන්නෙ විපක්ෂයේ වුවමනාවටයි කියලා බැණ අඬගහපු මේ දියවන්නා සගයා අපි ඔය ගනුදෙනුව මහ පාරෙදි විසඳාගනිමු කියලත් තර්ජනාත්මකව කිව්වලු...
මේ තර්ජනය කරන කෙනා දියවන්නාවේ ඉන්න වියතෙක් හැටියටයි සැලකෙන්නෙ... එයාට ලොකු ලොකු අධ්‍යාපන සුදුසුකම් එහෙමත් තියෙනවලු. එයා ආර්ථිකේ ගැන වගේම අලි ගැනත් උපාධි ලැබූ විශේෂඥයෙක් කියලා සමහරු කියනවා. කොහොම හරි මේ ගැන ආණ්ඩුවේ ඉහළම තැන්වලට පැමිණිලි කරලා පියවර ගන්නලු දැන් ලෑස්තිය. මේ වැඩේ හරියට පත්තු වුණොත් නම් උන්නැහේගෙ බලාපොරොත්තු සුන්වන බවයි පේන්නෙ.