2024 පෙබරවාරි 10 වන සෙනසුරාදා

පො.එ.පෙ. නව සන්ධානයට පක්ෂ නායකයෝ 20ක්?

 2024 පෙබරවාරි 10 වන සෙනසුරාදා, ප.ව. 02:00 42

දේශපාලන වාර්තාකරු I

හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ නායකත්වයෙන් බිහිවන පොදුජන එක්සත් පෙරමුණ නව සන්ධානය සඳහා දේශපාලන පක්ෂ නායකයන් 20 දෙනකුගෙන් සමන්විත නායකත්ව මණ්ඩලයක් පත්කෙරෙනු ඇතැයි දේශයට වාර්තා වෙයි.

සන්ධානයේ නායකත්වය හිටපු ජනාධිපතිනිය විසින් දැරුවද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රමුඛ පක්ෂ නායකයන්ගෙන් සමන්විත නායකත්ව මණ්ඩලය පක්ෂයේ පාලන කටයුතු සිදුකරනු ඇතැයි ද සඳහන්ය.

යෝජිත නායකත්ව මණ්ඩලය සඳහා දැනට නම් යෝජනා වී ඇති සෙසු අය අතර කුමාර වෙල්ගම, නසීර් අහමඩ්, ලසන්ත අලගියවන්න, අනුර යාපා, සුසිල් ප්‍රේමජයන්ත, නිමල් ලංසා ඇතුළු ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීන් පිරිසක් වෙති. මේ අයට අමතරව සමගි ජන බලවේගය නියෝජනය කරන රාජිත සේනාරත්න, සරත් ෆොන්සේකා හා තවත් සුළු පක්ෂ කිහිපයක් සම්බන්ධ කරගැනීමටද අපේක්ෂා කරන බව මේ ගැන දේශයට කරුණු දැක්වූ එම සන්ධානයේ පක්ෂ නායකයෙක් වැඩිදුරටත් කීය.