I සංජීවිකා සමරතුංග
පසුගිය දවසක සමගි සම්පන්න බලවේගයක් සංවිධානය කළ උද්ඝෝෂණයක් කොළඹ තිබුණා. ඒ උද්ඝෝෂණයට පක්ෂයේ මැති ඇමැති ගොල්ල සෑහෙන පිරිසක් ඇවිත් හිටියා. නමුත් ජ්‍යෙෂ්ඨය කියාගන්නා පස්දෙනෙක් විතර උද්ඝෝෂණය මඟ ඇරලා තිබුණය කියලා කසුකුසුවක් තිබෙනවා. මේ දවස්වල පක්ෂයත් එක්ක පැටලිලා ඉන්න එක්තරා පක්ෂ ජ්‍යෙෂ්ඨයෙක් උද්ඝෝෂණයට ඇවිල්ලා විහාර මහාදේවි උද්‍යානයේ ගල්වෙලා හිටියා මිසක් වැඩේට බැස්සේ නැතිලු.
තව ජ්‍යෙෂ්ඨයො හතර දෙනෙක් ආවෙම නැතිලු. මේ අය ගම්පහ රත්නපුර කෑගල්ල ගාල්ල වගේ දිසාවලින් පත්වුණු මහජන නියෝජිතයෝය කියලයි තතු දත් අය කියන්නෙ. මෙයින් දෙන්නෙක් පක්ෂයේ ලොකු තනතුරු දරන්නන් කියලත් කියනවා. මේගොල්ලො එන්නෙ මොකටද කියලා පක්ෂයේ පසුපෙළ උදවිය දැඩි විමසිල්ලෙනුයි ඉන්නෙ. සමහරු තමන්ගේ පරණ අලි ගෙදරටම රිංගන්න හදනවය කියලත් ආරංචියි.