2024 පෙබරවාරි 17 වන සෙනසුරාදා

පිළිකා වැළඳෙන දරුවො වැඩිවෙලා

 2024 පෙබරවාරි 17 වන සෙනසුරාදා, ප.ව. 02:00 20

ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා I

ගතවූ වසර 15ක පමණ කාලයක් තුළ පිළිකාවලට ගොදුරු වන ළමුන් සංඛ්‍යාවේ ක්‍රමික වර්ධනයක් පෙන්නුම් කරන්නේ යැයි ජාතික පිළිකා මර්දන වැඩසටහනේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය සුරාජ් පෙරේරා මහතා සඳහන් කරයි. සාමාන්‍යයෙන් වසරකට අලුතින් පිළිකා රෝගීන් 37000ත් 40000ත් අතර ප්‍රමාණයක් වාර්තා වන අතර ඔවුන්ගෙන් 2%ත් 5%ත් අතර සංඛ්‍යාවක් ළමුන්ය.

2022 වසරේ ළමුන් 1032ක් පිළිකාවට ගොදුරුව තිබූ අතර පසුගිය වසර 15ක පමණ කාලය හා සසඳන විට මේ වන විට ළමා රෝගීන් සංඛ්‍යාව 500කින් පමණ වැඩිවී ඇතැයි වෛද්‍යවරයා පෙන්වා දෙයි. 2019 වසරේ පිරිමි ළමුන් 118ක් සහ ගැහැනු ළමුන් 106 දෙනකු පිළිකාවෙන් මරණයට පත්ව තිබේ.

මෙරටින් බහුලවම වාර්තා වන පිළිකා වන්නේ ලියුකේමියාව, වසා ග්‍රන්ථි ආශ්‍රිත පිළිකා සහ මොළය ආශ්‍රිත පිළිකාය. ලියුකේමියා රෝගීන්ගෙන් 75%ක් පමණ සුව කළ හැකි බවත් ඒ සඳහා අවශ්‍ය ප්‍රතිකර්ම මෙරට වෛද්‍යවරුන් සතු බවත්, එම ප්‍රතිකාරවලින් ඇතිවන දිගුකාලීන සංකූලතා අවම හෙයින් කඩිනමින් ප්‍රතිකාර සඳහා යොමුවන්නේ නම් දරුවන්ගේ ජීවිත ආරක්ෂා කරගත හැකි බවත් පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරු පෙන්වා දෙති.

 

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:01