I දේශපාලන වාර්තාකරු
පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මක වන විවිධ කමිටු 94ක කටයුතු සඳහා රැස්වීම් ශාලා හෝ රැස්වීමේ කාමර පහසුකම් නොමැතිවීමෙන් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය දැඩි අපහසුතාවට පත්ව ඇතැයි දේශයට වාර්තා වෙයි.
මැතිසබයේ ක්‍රියාත්මක කමිටු 94න් 70ක් පමණ එක් සතියකට රැස්වීම් තබයි. මේ ආකාරයට කමිටු රැස්වීම් පැවැත්වීම නිසා ඒවාට සේවය සැපයීම සඳහා දැනට සේවයේ නියුතු නිලධාරීන් කිසිසේත්ම ප්‍රමාණවත් නොමැත. එසේම භාෂා පරිවර්තකයන් නොමැතිකමින් තවත් බරපතළ ප්‍රශ්නයක් උද්ගතව ඇති බව දැනගන්නට තිබේ.
රජයේ තීරණය අනුව අලුතින් සේවකයන් බඳවා ගැනීමද අත්හිටුවා ඇති බැවින් මැතිසබා කමිටු ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් හටගෙන ඇති බරපතළ ගැටලු කඩිනමින් විසඳිය යුතු බව පාර්ලිමේන්තුවේ අංශ ප්‍රධානීහු පවසති.