දේශපාලන වාර්තාකරු I
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මාර්තු මස 5දා ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇති බව වාර්තා වෙයි. ඔහු පසුගිය මාස 2ක කාලය ගත කළේ ඇමෙරිකා එක්සත් ජනපදයේය.
බැසිල් රාජපක්ෂ මහතා මාර්තු 05දා පැමිණීමෙන් පසු ඉදිරි ජනාධිපතිවරණයට සුදුසු අපේක්ෂකයකු තෝරාගැනීම සඳහා මන්ත්‍රී කණ්ඩායම සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිතය. අනතුරුව අප්‍රේල් මස අවසානයේදී පොහොට්ටුව නිල වශයෙන් තම ජනාධිපතිවරණ අපේක්ෂකයා පිළිබඳව නිවේදනය කරනු ඇතැයි සඳහන්ය.