I සංජීවිකා සමරතුංග
ටැලිෆෝන් කරන කට්ටියගෙ පක්ෂයට සුළු පක්ෂත් එකතු කරගෙන සන්ධානයක් හදන්න තීන්දු කළේ කලකට පෙර...
ඉතින් දැන් ටික ටික ඡන්ද උණුසුම නැගලා එන නිසා ටැලිෆෝන් පක්ෂයේ නායකයො තීන්දු කළා සන්ධාන ගිවිසුම් අත්සන් කරන්න.ඉතින් ඒකෙදි මුලින්ම එන්න කිව්වේ පුත්-තලං පැත්තෙන් ආපු එක්තරා සුළු පක්ෂ නායකයකුට. එයා ඇවිත් කතා කරලා කීවේ දැන්ම ඕක කරන්න අමාරුයි මොකද ඡන්දයකුත් නැහැනේ කියලා... එහෙම කියලා යෝජනාව පස්සට තල්ලු කළා. නමුත් ඒ බව නොදන්න එයාලගෙම ජන කොට්ඨාසය නියෝජනය කරන නැගෙන-හිර පළාතෙන් ආපු නායකයෙක් තමන්ගේ පක්ෂයටත් නොදන්වා සන්ධාන ගිවිසුම අත්සන් කළාලු.
ඒත් ඊටපස්සේ උන්නැහේගෙ පක්ෂයෙ ලොකු ලොක්කො පක්ෂය නොදැන මේ ගිවිසුම අත්සන් කළේ කොහොමද කියලා ලොකු ගෝරියක් පටන් අරන්ලු. මේක දැන් වලි මට්ටමට නැගලම යන බවයි ආරංචි.