පසුගියදාක ආණ්ඩුවෙ ඉහළම මණ්ඩලේ තුන් හතර දෙනෙක්ගෙ රහසිගත රැස්වීමක් තිබුණා.
ආණ්ඩුවේ අනාගතය ගැන තීන්දු තීරණ ගන්නයි මෙම හමුව පවත්වලා තිබුණෙ.
මෙතැනදි ආණ්ඩුවේ ප්‍රධාන හවුල්කාර පක්ෂයේ නායකයා ආණ්ඩුවේ ලොකු තැනට අමුතු කතාවක් කිව්වලු.
''අපිට ආණ්ඩුවට උදව් කරන්නයි බැණුම් අහන්නයි දෙකක් කරන්න බැහැ'' කියන එකයි අමුතු කතාව.
ඊටපස්සෙ ආණ්ඩුවෙ ඉහළම තැන ප්‍රශ්න කරලා තියෙන්නෙ ඇයි මෙහෙම කියන්නෙ.. කවුද ඔබතුමාලට දොස් පරොස් කියන්නෙ කියලයි.
ඒත් ඒකට ලැබුණු පිළිතුර හිනාවක් පමණලු.
නමුත් ලොකු තැන ඒ ගැන දිගින් දිගටම ප්‍රශ්න කරනකොට ''ඔය කියන්නෙ අහවලා ගැන'' කියලා පිළිතුරක් ලැබුණා. හැබැයි ඒ පිළිතුර දුන්නෙ රටේ ලොකු තැනගෙම සගයෙක්ලු... ඒ අහවලා තමයි කාලයක් පොහොට්ටුව ඉඳලා දැන් ආණ්ඩුවට ආ වඩන මීපුර වැසියා.