2024 මාර්තු 23 වන සෙනසුරාදා

මේ වසරේ ලොව පුරා මැතිවරණ 60ක්

 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00 19

දේශපාලන වාර්තාකරු I

මෑත ඉතිහාසයේ ලොව වැඩිම මැතිවරණ පැවැත්වෙන වසර බවට 2024 පත්ව තිබේ. ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා අනුව 2024 වසර තුළ ලෝකයේ රටවල් 60ක පමණ මහ මැතිවරණ හෝ ජනාධිපතිවරණ පැවැත්වෙනු ඇත. එයින් බංග්ලාදේශය, තායිවානය, පාකිස්ථානය සහ රුසියාව යන රටවල දැනටමත් මැතිවරණ පවත්වා හමාරය.

ලොව තවත් ප්‍රබල රටවල් තුනක් වන මහා බ්‍රිතාන්‍ය, එක්සත් ජනපදය සහ ඉන්දියාව ද මේ වසරේ මැතිවරණ පවත්වන රටවල්ය. එසේම ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය ද තවත් මාස 6කින් පමණ පැවැත්වෙනු ඇත.