පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා තෝරන්න හදිසි රැස්වීමක් තියන්න යනවය කියලා මේ සතියේ මැද දවසක කතාවක් ගියා.
ඔන්න ඒක ආරංචි වෙච්ච පොහොට්ටුවේම රාජ්‍ය මට්ටමේ ඇමැති කෙනකුයි (මෙයින් එක්කෙනෙක් මා-තලේලු අනෙකා ගම්-පහලු) තමන් තමන්ට හිතවත් වූ මැති ඇමැතිලා දෙතුන් දෙනෙක් එක්ක රහසිගත රැස්වීමක් பතියනවා කියලා තීන්දු කළා අපේක්ෂක ප්‍රශ්නය ආවොත් අපි පිට අය ගේන්න බැහැ කියලා වලියක් අදිමු කියලා... එහෙම සැට්වෙලා මේ තුන් හතර දෙනා ඉන්නවා කියලා පොහොට්ටුව පැත්තට ආරංචියක් ගියා. එහෙම යනකොට මෙයාලා නොහිතපු විදිහට මැති ඇමැතිලා සෑහෙන පිරිසක් ඇවිත් හිටියා...
රැස්වීම පටන් ගත්තෙ මහින්ද උන්නැහේගෙ ප්‍රධානත්වයෙන්. පටන් අරන් කතා කළේ මැයි දිනේ සාර්ථකව කරන හැටි ගැනලු... පැය භාගෙන් මීටිමත් ඉවර කරලා ඉතින් කොහොම හරි වලියට ආපු අය ඇත්ත කතාව නොදැන නිකම්ම හුළං බස්සගෙන යන්න ගියා. හැබැයි මේ සිද්ධිය ගැන ඔත්තුව ඒ වෙනකොටත් ලැබිලයි තිබුණෙ...