- සුළු හා මධ්‍ය මෝල් හිමියන්ගේ සංගමයේ සභාපති යූ.කේ. සේමසිංහ
ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වාI
මහ පරිමාණ මෝල් හිමියන් වී තොග ගබඩා කර සඟවා තබා සහල් හිඟයක් මවාපෑමට කටයුතු කිරීම සහ සහල් නිෂ්පාදනයෙන් යම් ප්‍රතිශතයක් බියර් නිෂ්පාදනයට යොදා ගැනීම හේතුවෙන් එළඹෙන සිංහල අවුරුදු සමයේ සහල් හිඟයක් ඇතිවීමේ අවදානමක් ඇතැයි ශ්‍රී ලංකා සුළු සහ මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ගේ සංගමයේ සභාපති යූ.කේ. සේමසිංහ මහතා ප්‍රකාශ කළේය.
ඉදිරියේදී කීරි සම්බා වැඩි මිලට අලෙවි කිරීම සඳහා කෘත්‍රිම ලෙස මෙම හිඟය නිර්මාණය කර ඇතැයි සුළු සහ මධ්‍ය පරිමාණ වී මෝල් හිමියෝ පෙන්වා දෙති. මේ වන විට වෙළෙඳපොළේ කීරි සම්බා හිඟයක් නිර්මාණය වී ඇති අතර, පිටකොටුවේ සහල් වෙළෙඳුන් කියා සිටියේ රජය කීරි සම්බා කිලෝවකට රුපියල් 260ක පාලන මිලක් පනවා තිබුණද මහ පරිමාණ මෝල් හිමියන් තමන්ට කීරි සම්බා සපයන්නේ 290ත් 300ත් අතර මිලකට හෙයින් තමන්ට අලෙවි කිරීමට සිදුව ඇත්තේ රුපියල් 310ත් 320ත් අතර මිලකට බවයි.
මහ කන්නයේ වී අස්වනු නෙලීම මේ වන විට අවසන් වෙමින් පවතින අතර පසුගිය කාලයේ රජයේ වී ගබඩා නිසි කලට විවෘත නොකිරීම හේතුවෙන් වී කිලෝවක් රුපියල් 70 - 80 අතර මිලකට මහ පරිමාණ වී මෝල් හිමියන්ට අලෙවි කිරීමට ගොවීන්ට සිදුවිය. වී අලෙවි මණ්ඩලය මගින් වී කිලෝවක් රුපියල් 135 බැගින් මිලට ගැනීමට පියවර ගෙන තිබුණද මේ වන විට තමන් සතු වී තොග මහ පරිමාණ මෝල් හිමියන්ට විකුණා අවසන් යැයි ගොවි ජනතාව කියා සිටිති.
මේ අතර ලබන අප්‍රේල් මාසය තෙක් ආනයනික සහල් කිලෝවක් සඳහා පනවා ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 65 සිට රුපියල දක්වා අඩු කිරීමට ආණ්ඩුව පියවර ගෙන තිබේ.