සංජීවිකා සමරතුංග I
සමගි ජන බලවේගය තවත් පක්ෂ හා සංවිධාන ගණනාවක් සමඟ ස්ථාපිත කිරීමට යන නව දේශපාලන සන්ධානය පිහිටුවීම අප්‍රේල් මස 05දා සිදුකිරීමට ස.ජ.බ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීන්දු කර ඇතැයි දේශයට වාර්තා වෙයි.
සමගි ජනතා සන්ධානය යනුවෙන් හඳුන්වන නව දේශපාලන සන්ධානය සඳහා දෙමළ, මුස්ලිම් හා වතුකර පක්ෂ ගණනාවක්ද සම්බන්ධ වෙයි. ඊට අමතරව ප්‍රධාන දහරාවේ දේශපාලන පක්ෂ ගණනාවකට සම්බන්ධ වී සිටි දැනට ස්වාධීන මන්ත්‍රීන් ලෙස ක්‍රියා කරන පක්ෂ ගණනාවක්ද නව සන්ධානය සමඟ සන්ධානගත වීමට නියමිතය. නව සන්ධානයේ නායකත්වය ස.ජ.බ නායක සජිත් ප්‍රේමදාස මහතාට හිමිවනු ඇත.