2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා

මෛත්‍රීපාලගේ ඉල්ලීම ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ප්‍රතික්ෂේප කරයි

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:01 463

දේශපාලන වාර්තාකරු I

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කොළඹ සිටින ඉන්දීය මහ කොමසාරිස්වරයා මුණගැසීමට වේලාවක් ලබා දෙන ලෙස කරන ලද ඉල්ලීම ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග පවසයි.සිය පාලන කාලයේ සිදුවූ පාස්කු බෝම්බ ප්‍රහාරයට ඉන්දීය සබඳතාවක් ඇතැයි හිටපු ජනාධිපතිවරයා ආරක්ෂක අංශවලට ප්‍රකාශ කරන ලද බව පසුගියදා මාධ්‍ය ගණනාවක් වාර්තා කර තිබිණි.

 

ඉන් අනතුරුව කොළඹ සිටින ඉන්දීය මහ කොමසාරිස්වරයා මුණගැසීමට වේලාවක් ලබා දෙන ලෙස හිටපු ජනාධිපතිවරයා විසින් ඉල්ලීමක් කර තිබිණි. කෙසේ වෙතත් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති වග විශ්වාස කටයුතු ආරංචි මාර්ග දේශයට සඳහන් කළේය.

 2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:00