2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා

වීසා අවුලෙන් ශ්‍රී ලාංකිකයන්ට නැගෙනහිර යුරෝපා රස්සා අහිමියි

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00 39

 ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා I

නැගෙනහිර යුරෝපා රටවල ශ්‍රී ලාංකිකයන් සඳහා රැකියා අවස්ථා විශාල ලෙස පැවතියද එම රටවල තානාපති කාර්යාල ශ්‍රී ලංකාවේ නොමැති හෙයින් ඉන්දියාවට ගොස් වීසා බලපත්‍ර ලබාගැනීමට සිදුවීම හේතුවෙන් තමන් විශාල අර්බුදයකට මුහුණ පා සිටින බව බලපත්‍රලාභී විදේශ රැකියා නියුක්ති නියෝජිතායතන සංගමයේ ලේකම් මොහොමඩ් ෆාරුක් මොහොමඩ් අර්ෂාඩ් මහතා සඳහන් කරයි.

 

මේ වන විට නැගෙනහිර යුරෝපයේ මෝල්ටාව, රුමේනියාව, පෝලන්තය, ස්ලොවැකියාව, ලිතුවේනියාව, සර්බියාව, ඇල්බේනියාව වැනි රටවල් 15කින් පමණ ශ්‍රී ලාංකිකයන්ට රැකියා සඳහා ඉල්ලුමක් පවතී. එහෙත් නැගෙනහිර යුරෝපා රටවල තානාපති කාර්යාල මෙරට නොමැති බැවින් වීසා ලබා ගැනීම සඳහා ශ්‍රමිකයන් ඉන්දියාවට යා යුතුය. එම තානාපති කාර්යාලයන්හි පවතින තදබදය මත වීසා අයැදුම් කිරීම සඳහා වේලාවන් වෙන්කර ගැනීම අපහසු බවද, එමෙන්ම වීසා ප්‍රතික්ෂේප වීමේ ප්‍රතිශතයද ඉහළ බවද අර්ෂාඩ් මහතා සඳහන් කළේය.

තමන් 2017 වසරේ සිටම ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යවරුන් මේ සම්බන්ධයෙන් දැනුම්වත් කර සාකච්ඡා කිහිපයක්ම පවත්වා ඇති නමුදු මේ වන තෙක් කිසිදු ප්‍රතිඵලයක් අත්වී නොමැති බවද අවම වශයෙන් වීසා අයැදුම් මධ්‍යස්ථානයක් (VFS Centre) මෙරට පිහිටුවීමට පියවර ගන්නා ලෙසද එම සංගමය රජයෙන් ඉල්ලා සිටී.

 2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:00