2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා

පාස්කු ප්‍රහාරය: මැතිසබේ 12 වැනි වරටත් විශේෂ විවාදයක්

 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:02 49

දේශපාලන වාර්තාකරු I

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ නැවතත් වරක් විශේෂ විවාදයක් පැවැත්වීමට නියමිතය. මෙවර පැවැත්වෙන පාස්කු විවාදය ඒ සම්බන්ධයෙන් මැතිසබයේ පැවැත්වෙන 12 වැනි විවාදය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙයට වසර පහකට පමණ පෙර 2019 වසරේ සිදුවූ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මැති සබයේ මුල්ම විවාදය පවත්වා ඇත්තේ 2019 මැයි මස 07 දාය. ඉන්පසුව වරින් වර මේ විෂය සම්බන්ධයෙන් වාර 11ක් විවාද පවත්වා තිබේ. මෙවර පැවැත්වෙන්නේ 12 වැනි වරට පවත්වන විවාදයයි.

සමගි ජන බලවේගයේ ඉල්ලීම මත මෙවර විවාදය පැවැත්වෙයි. ලබන 24දා සිට 26දා දක්වා දින තුනක් විවාදය පැවැත්වීමට නියමිතය.