2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා

ප්‍රතිව්‍යුහගත කළාට ණය තොගය අඩු වෙන්නේ නැහැ - මහාචාර්ය වසන්ත අතුකෝරාළ

 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:01 86

I යසවර්ධන රුද්රිගූ

විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී රටවල් අනුව වෙන වෙනම තීරණ ගත නොහැකි අතර සෑම රටකටම සමානව සැලකීම යන මූලධර්මය අනුව කටයුතු කළ යුතු බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරාළ දේශයට පැවසීය. කිසිදු රටක් මේ වන විට ගෙවිය යුතු ණය ප්‍රමාණ කපා හැරීමකට එකඟ වී නොමැති අතර ණය ගෙවිය යුතු කාලය 2028 වර්ෂය දක්වා දීර්ඝ කර ගැනීමට දැනට සාකච්ඡා පැවැත්වෙන බව හෙතෙම අනාවරණය කළේය.

මෙරට ණය පිළිබඳ දැනට ඇත්තේ 2023 සැප්තැම්බර් මාසයේ ලබාගත් නිල සංඛ්‍යාලේඛන වන අතර එම ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 120 ඉක්මවා යන බව හෙතෙම ප්‍රකාශ කළේය. එයට පසුව ගත් සහ ගනිමින් පවතින ණය මෙයට එකතු වන අතර ඒ අනුව අපට ගෙවීමට නොහැකි ණය ප්‍රමාණයක් ඉදිරියේදී එකතු වන බව මහාචාර්යවරයා පැවසීය. 2028 වසර වනවිට ණයවල මූර්ත අගය හෙවත් නියම වටිනාකම අඩුවීමට ඉඩ ඇති නමුත් ණය තොගය තවත් වැඩිවීමේ අනතුරකට ලක්වනවා ඇත.

මේ තත්ත්වය සමනය කිරීමට නම් රටේ දළ දේශීය නිෂ්පාදිතය වැඩි කළ යුතු අතර රටට මුදල් ලැබෙන ක්‍රමද වර්ධනය කළ යුතු බව පවසන මහාචාර්යවරයා ආර්ථිකය යහපත් ලෙස කළමනාකරණය කිරීමට රජය සමත් විය යුතු බවද පවසයි.

 

 2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:00