ගයාන් ගාල්ලගේ I
කවුරු මොන දේ කිව්වත් එළඹෙන ජනාධිපතිවරණයේදී පොහොට්ටුවේ ලකුණ ඡන්ද පත්රිකාව තුළ තිබෙන බව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා දේශයට පැවසීය.
එසේම ශ්රී ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය හෝ ශ්රී ලංකා නිදහස් පක්ෂය හෝ වේවා, මූලික අරමුණ විය යුත්තේ රටේ අභිවෘද්ධිය සහ පක්ෂයේ අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කිරීම බවද හෙතෙම සඳහන් කළේය.
කෙසේ වෙතත් ශ්රී ලංකා පොදුජන පෙරමුණ මෙවර මැයි දිනය අනෙකුත් පක්ෂවලට වඩා ඉහළින් සමරන බවද මන්ත්රීවරයා කීය.