ව්‍යාපාරික වාර්තාකරු I
ගොවි විශ්‍රාම වැටුප් ගෙවීමේ වැඩසටහන යටතේ 2023 ජනවාරි මස 01 දින වනවිට ගොවීන් 871425 (අටලක්ෂ හැත්තෑ එක්දහස් හාරසිය විසිපහක්) ලියාපදිංචිව සිටින මුත් එයින් ගොවීන් විශාල පිරිසකට වයස අවුරුදු 60 සම්පූර්ණ වීමෙන් පසුව ගෙවිය යුතු ගොවි විශ්‍රාම වැටුප් ගෙවා නැතැයි විගණකාධිපතිවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ නවතම විගණන වාර්තාවක සඳහන්ය.
එම වාර්තාව අනුව 2023 ජනවාරි 01දා වනවිට ගොවි විශ්‍රාම වැටුප් ලැබීමට සුදුසුකම් ලැබූ ගොවීන් 439025 කින් විශ්‍රාම වැටුප් ගෙවා ඇත්තේ ගොවීන් 246531 කට පමණක් බව සඳහන් කර තිබේ. ගොවි විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ ලැබිය යුතු සෙසු ගොවීන්ට අදාළ විශ්‍රාම වැටුප් ගෙවා නැති බව විගණන වාර්තාව විශේෂයෙන් පෙන්වා දී ඇත.