දේශපාලන වාර්තාකරු I
පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමක් ලෙස සැලකෙන මන්ත්‍රී නිමල් ලංසාගේ නායකත්වයෙන් යුත් මන්ත්‍රී කණ්ඩායම ලබන මැයි මස මහජන රැස්වීම් 4ක් සංවිධානය කරන බව එම කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දේශයට පැවසීය.
මෙයින් පළමු මහජන රැස්වීම හම්බන්තොටදී පැවැත්වෙයි. එය සංවිධානය කරන්නේ අමාත්‍ය මහින්ද අමරවීර බව වාර්තා වෙයි. අනතුරුව ජගත් පුෂ්පකුමාර රාජ්‍ය අමාත්‍යවරයා සංවිධානය කරන මොණරාගල මහජන රැස්වීම පැවැත්වෙයි. මැයි මාසයේ පැවැත්වෙන ඉදිරි රැස්වීම් දෙක බදුල්ල හා පුත්තලම දිස්ත්‍රික්කවලදී පැවැත්වීමට නියමිතය. එම රැස්වීම් සංවිධානය කරනු ලබන්නේ රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක සහ මන්ත්‍රී පියංකර ජයරත්න විසින් බව නිමල් ලංසා කණ්ඩායම පවසයි.