2024 අප්‍රේල් 27 වන සෙනසුරාදා

මැතිසබය විසුරුවොත් මාස දෙකකදී මහ ඡන්දයක් - මැ.කො. අධ්‍යක්ෂ ජනරාල්

 2024 අප්‍රේල් 27 වන සෙනසුරාදා, ප.ව. 02:02 125

දේශපාලන වාර්තාකරු I

යම් හෙයකින් එළඹෙන මැයි මාසය තුළ පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් දින 60ක (මාස දෙකක) කාලයක් තුළ මහ මැතිවරණය පැවැත්විය හැකි බව මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නායක මහතා දේශයට පැවසීය.

ඉදිරියේ ජනාධිපතිවරණයක් නියමිතව තිබියදී මහ මැතිවරණයක් පැවැත්වීමට සිදුවුවහොත් නියමිත කාල වකවානු අනුව එම මැතිවරණ දෙකම පැවැත්වීමට සිදුවන බවද ඔහු වැඩිදුරටත් කීය. ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ දින සිට දින 50ක් පමණ මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය බවද කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.

 

 2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:00