2024 අප්‍රේල් 27 වන සෙනසුරාදා

මෙදා මැයි රැලි කොළඹින් එළියටත්

 2024 අප්‍රේල් 27 වන සෙනසුරාදා, ප.ව. 02:00 22

I ගයාන් ගාල්ලගේ

මැයි පළවෙනිදාට යෙදෙන ජාත්‍යන්තර කම්කරු දිනය නිමිති කරගෙන ප්‍රධාන පක්ෂ ගණනාවක් කොළඹ නගරයේ මැයි රැලි පැවැත්වීමට තීරණය කර තිබේ. ඒ අනුව ආණ්ඩුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බොරැල්ලේ කැම්බල් පිටියේද, එක්සත් ජාතික පක්ෂය මරදාන ප්‍රදේශයේද, සමගි ජන බලවේගය ලේක් හවුස් වටරවුමේද, ජාතික ජන බලවේගය කොළඹ ටවුන් හෝල්, අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණය සහ මාතර වෙරළ උයන උද්‍යානයේද මැයි රැලි පැවැත්වීමට නියමිතය.   

එසේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගම්පහ නගරයේදී මැයි රැලිය පැවැත්වීමට තීරණය කර ඇත. මෙම රැලි සහ රැස්වීම් හේතුවෙන් විශේෂ ආරක්ෂාවක් සහ රථවාහන සැලැස්මක් පොලීසිය විසින් ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත.