I ගයාන් ගාල්ලගේ
මින් ඉදිරියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිත්‍යනුකූල අයිතිය ඇත්තේ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාට පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී, ශ්‍රීලනිප ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතා දේශයට පැවසීය.
වැඩ බලන සභාපතිවරයා ලෙස නිමල් සිරිපාල මහතා පත්කළ බවත් නීත්‍යානුකූල නොවන ආකාරයෙන් වැඩ කළ පිරිස මේ වනවිට අධිකරණ වාරණයට ලක්වී ඇති නිසා නීත්‍යානුකූල බලය මේ වනවිට හිමිව ඇත්තේ තම කණ්ඩායමට බවත් ඒ මහතා කීය.
ඒ නිසා වෙනත් ඕනෑම කෙනකු පක්ෂ රුස්වීම් කැඳවීමේ කිසිදු ප්‍රතිඵලයක් නොමැති බව දුමින්ද දිසානායක මහතා පවසයි.