ගයාන් ගාල්ලගේ I
රටේ ආර්ථිකය පවත්වාගෙන යාමට අවශ්‍ය න්‍යායාත්මක කටයුතු සිදුකිරීම මිස රටේ අනාගතය සම්බන්ධයෙන් දේශපාලන අනාවැකි කීම මහ බැංකු අධිපතිවරයාගේ කාර්යය නොවන බව ජාතික ජන බලවේගයේ විධායක සභික සුනිල් හඳුන්නෙත්ති මහතා දේශයට පැවසීය.
එන ආණ්ඩුව හෝ පාලකයා විසින් නිවැරදි ආර්ථික ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම සම්බන්ධයෙන් වර්තමානය සමඟ සංසන්දනය කොට ප්‍රකාශ නොකළ යුතු බවද ඒ මහතා සඳහන් කළේය.