ගයාන් ගාල්ලගේ I
ශ්රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂකයකු තවම නිල වශයෙන් නම් කර නැතත් මැතිවරණ මෙහෙයුම් කාර්යාලයක් පසුගිය සිකුරාදා විවෘත කළේය.
බත්තරමුල්ල රජමල්වත්ත මාවතේදී එම කාර්යාලය විවෘත කළ අතර ඒ තුළ සෑම මැතිවරණ කොට්ඨාසයක්ම සම්බන්ධ කළ හැකිවන සේ පරිගණක ජාලා පද්ධතියක් ස්ථාපිතය. එසේම ඒවා භාරව එක් නිලධාරියා බැගින් පත් කර තිබේ. ඉහළ තාක්ෂණයෙන් යුතුව මෙම මෙහෙයුම් කාර්යාලය සකස් කර ඇති අතර මැතිවරණ මෙහෙයුම එදින ආරම්භ කළ බවද සඳහන්ය. එහෙත් තවම පොදුජන පෙරමුණේ අපේක්ෂකයා කවුරුන්ද යන්න හෙළි කර නොමැත.