දේශපාලන වාර්තාකරු I
පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ට තීරු බද්දෙන් නිදහස් වාහන බලපත්ර ලබාදීම පාර්ලිමේන්තුවෙන්ම අනුමත කර ගැනීම සඳහා මැතිසබයට විශේෂ යෝජනාවක් ගෙන ඒමට ආණ්ඩුව තීන්දු කර තිබේ.
විශ්වාස කටයුතු ඉහළ පෙළේ දේශපාලන අංශ ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට ලබන මාසයේදී මෙම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇත.
වත්මන් පාර්ලිමේන්තුව පත්වූ පසුව කිසිදු පාර්ලිමේන්තු මන්ත්රීවරයකුට තීරු බදු රහිත වාහන බලපත්ර ලබා දුන්නේ නැත. පසුගියදා 117 දෙනකුගේ අත්සනින් කතානායකවරයා වෙත ලිපියක් ඉදිරිපත් කළ මන්ත්රී පිරිසක් තමන්ට අදාළ වාහන බලපත්රය කඩිනමින් ලබාදෙන ලෙස ඉල්ලීමක්ද කර තිබිණි. කතානායකවරයා එම ඉල්ලීම ජනාධිපතිවරයා වෙත යොමුකළ බව පසුව වාර්තා විය.