යසවර්ධන රුද්රිගූ I
2023 වසරේදී රටේ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් එක් ලක්ෂ දහනව දහස් එකසිය දහයක් (1,19,110) දක්වා පහළ වැටුණු බව ශ්‍රී ලංකා මහ බැංකුවේ 2023 ආර්ථික විවරණය කියයි. එය 2022 වසරට සාපේක්ෂව සියයට 9.1 ක අඩුවීමකි.
එසේම රටේ විශාලතම තනි අපනයන භාණ්ඩය වන රෙදිපිළි හා ඇඟලුම්වලින් ලැබූ අපනයන ආදායමද දැඩි ලෙස පහළ වැටීම මෙලෙස අපනයන ආදායම අඩුවීමට හේතු වී ඇත. එය 2022 ට සාපේක්ෂව 2023 දී සියයට 18 කින් පහළ වැටී තිබේ. අපනයන පහත වැටීම පොදුවේ සෑම අංශයකම සිදුවුවද කාර්මික අපනයන පහළ යාම ප්‍රබල ලෙස දායක වී තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුව මෙයට හේතු ලෙස දක්වන්නේ අපෙන් අපනයන මිලට ගන්නා රටවල ජීවන වියදම ඉහළ යාම, ආර්ථික අවපාත ඇතිවීම, භූගෝලීය හා දේශපාලන ගැටලු ආදියයි.
එසේම 2023 වසරේ ආනයන වියදම්ද කැපීපෙනෙන ලෙස පහත වැටී ඇති අතර, 2022 ට සාපේක්ෂව 2023 දී ආනයන වියදම් ඇමෙරිකානු ඩොලර් එක් ලක්ෂ හැටඅට දහස් එකසිය දහය (1,68,110) දක්වා සියයට 8.1 කින් පහළ ගොස් ඇති බව දැක්වේ.
අත්‍යවශ්‍ය නොවන ආනයන සීමා කිරීම, රටේ ආර්ථික ක්‍රියාකාරකම් මන්දගාමී වීම හා රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දැඩි කිරීම මෙයට හේතු වී ඇති බව ආර්ථික විවරණයේ දැක්වේ.