දේශපාලන වාර්තාකරු I
ප්‍රධාන ජාතික විභාග වසරක් ප්‍රමාද වී පැවැත්වීම විසඳුමක් නැති ප්‍රශ්නයක් බවට පත්ව තිබේ. මේ නිසා පාසල් දරු දැරියන්ට පාසල්වලින් අවශ්‍ය සම්පත් ලබාගැනීම බරපතළ ප්‍රශ්නයක් වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව 2023 වසර සඳහා නිකුත් කළ නවතම වාර්තාවෙහි දැක්වෙයි.
පසුගිය කාලයේ පැන නැගුණු අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් අධ්‍යාපන ක්ෂේත්රයේ හටගත් උග්‍ර විෂමතා සඳහා තවමත් පිළියම් යෙදී නැති බවද ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙයි.
මේ ගැන ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද සමීක්ෂණයක ප්‍රතිඵල අනුව පැවති අර්බුදකාරී ආර්ථික තත්ත්වය නිසා වයස අවුරුදු 3 - 21 අතර සිසු සිසුවියන්ගෙන් 54.9% කගේ පාසල් අධ්‍යාපනය කෙරේ බලපෑම් එල්ල වී තිබෙන බව මහ බැංකු වාර්තාව මගින් අවධාරණය කර තිබේ.