2024 මැයි 18 වන සෙනසුරාදා

එජාප නව සන්ධානය ලබන මාසයේ

 2024 මැයි 18 වන සෙනසුරාදා, ප.ව. 02:00 35

ගයාන් ගාල්ලගේ I

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති අපේක්ෂකත්වයට ඉදිරිපත් කිරීමේ අරමුණින් එක්සත් ජාතික පක්ෂය විසින් පිහිටුවන නව සන්ධානය එළඹෙන ජූනි මාසයේදී ආරම්භ කිරීමට නියමිතව ඇත.

මේ සඳහා පක්ෂ කිහිපයක්, සිවිල් සංවිධාන කිහිපයක් සහ පක්ෂ කිහිපයක සාමාජිකයන් කිහිප දෙනකු එක්වීමට නියමිතව ඇතැයි එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙක් පැවසීය.

කෙසේ වෙතත් මෙම නව සන්ධානය සඳහා ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනකු එක්කර ගැනීමට දීර්ඝ වශයෙන් සාකච්ඡා සිදු කරමින් පවතින බව සඳහන් වේ.