2024 මැයි 25 වන සෙනසුරාදා

අයි.එස්. ත්‍රස්තයන්ගේ මෙරට හවුල්කරුවන් සොයයි!

 2024 මැයි 25 වන සෙනසුරාදා, ප.ව. 02:03 113

ගයාන් ගාල්ලගේ I

ඉන්දියාවේදී අත්අඩංගුවට පත් ශ්‍රී ලාංකික අයි.එස් සාමාජිකයන්ගේ දැඩි අන්තවාදී ආගමික මතවාදය සහ ඔවුන් ඇසුරු කළ පුද්ගලයන් හේතුවෙන් මෙරට තුළ ආරක්ෂාව තර කිරීමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබේ. මෙම පිරිස සමඟ ගනුදෙනු කළ අය සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරු අනාවරණය වන තෙක් මෙලෙස ආරක්ෂාව දැඩි කිරීමට තීරණය කර ඇත.

දැනට එම සැකකරුවන් ඇසුරු කළ පුද්ගලයන් සහ ඔවුන්ගේ මතවාද පරීක්ෂණයට ලක් කරමින් සිටින බව සඳහන් වේ. විශේෂයෙන් ඔවුන් යම් ගැටලුවක් ඇති කිරීමට උත්සාහ කළාද නැද්ද යන්න තවමත් අනාවරණය වී නැත.