2024 මැයි 25 වන සෙනසුරාදා

කොච්චර වැස්සත් ජලාශ ’’දුප්පත්’’

 2024 මැයි 25 වන සෙනසුරාදා, ප.ව. 02:02 96

කුසුම්සිරි විජයවර්ධන I

රටේ බොහෝ පෙදෙස්වලට වැසි ලැබී වැව් උතුරා යමින් සමහර ගම් හා නගරවල ගංවතුර පැවතුණත් විදුලි බලය නිෂ්පාදනය කරන ජලාශවල තත්ත්වය එතරම් යහපත් නොවන බවත් මේ නිසා වැස්සෙන් විදුලිය නිපදවීමට වාසියක් හිමිවී නැති බවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක එස්.පී.සී. සුගීස්වර මහතා දේශයට පැවසුවේය.

කැලණි ගංගා නිම්නයට මේ දිනවල ධාරානිපාත වැසි ලැබුණත් කැලණි ගංගා ඉහත්තාවේ පිහිටි කාසල්රී, මාවුස්සාකැලේ, නෝටන්බ්‍රිජ් යන ජලාශවල ජල ධාරිතාවය වාන් දැමීමේ මට්ට ළඟා වී නැති බවත් මහවැලි ජලාශ වන වික්ටෝරියා, රන්දෙණිගල, කොත්මලේ, මොරගහකන්ද ජලාශවල ජල ධාරිතාවයත් අඩු මට්ටමක පවතින බවත් ඒ මහතා පැවසීය. වලවේ ගංගා නිම්නයට අයත් උඩවලවේ සහ සමනළවැව ජලාශවලත් ජලය අඩු මට්ටමක පවතින බවත් ඒ මහතා වැඩිදුරටත් කීය. මේ ජලාශ අතරින් වික්ටොරියා සහ රන්දෙණිගල ජලාශවල ජල මට්ටම බොහෝ අඩු මට්ටමක පවතින අතර විදුලි බලය නිෂ්පාදනය කරන විශාල ජලාශවලට පසුගිය කාලයේ මුහුණදුන් ඉඩෝරය මැකී ගොස් පිරී යාමට තරම් ලොකු වර්ෂාපතනයක් තවමත් ලැබී නොමැති බවත් වාරිමාර්ග මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.