2024 මැයි 25 වන සෙනසුරාදා

ලොව ප්‍රබල රාජ්‍ය නායකයන් 23ක් ජූලි මාසයේදී කොළඹට

 2024 මැයි 25 වන සෙනසුරාදා, ප.ව. 02:00 28

රාජ්‍ය තාන්ත්‍රික වාර්තාකරු I

ලෝකයේ ප්‍රබල රාජ්‍ය නායකයන් 23 දෙනකුගේ සහභාගිත්වයෙන් ඉන්දීය සාගර වටද්දර සමුළුව (IORA) ලබන ජූලි මාසයේ කොළඹදී පැවැත්වීමට රජය තීරණය කර ඇතැයි වාර්තාවෙයි. 'අයෝරා' සමුළුව නමින් හැඳින්වෙන මෙම සමුළුවේ වත්මන් සහභාගිත්වය හිමිව ඇත්තේ ශ්‍රී ලංකා ජනාධිපතිවරයාටය. එනිසා ජනාධිපතිවරයාගේ ආරාධනයෙන් එම සංවිධානයේ සාමාජිකත්වය දරන රටවල් 23ක රාජ්‍ය නායකයන් සහ සමුළුවේ සංවාද සහකරුවන් වශයෙන් සහභාගි වන තවත් රටවල් 12ක්ද සහභාගි වෙයි.

ජූලි මස කොළඹදී පැවැත්වීමට යෝජිත මෙකී සමුළුව සඳහා ඉන්දියාව, ප්‍රංශය, ඔස්ට්‍රේලියාව, ඉන්දුනීසියාව, මැලේසියාව, ඉරානය, සිංගප්පූරුව, දකුණු අප්‍රිකාව, තායිලන්තය, එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍ය ඇතුළු සාමාජික රටවල් 23ක රාජ්‍ය නායකයන් ඇරයුම් ලබනු ඇති බව දැනගන්නට ඇත.