2024 මැයි 25 වන සෙනසුරාදා

හොර නෝට්ටු 1769ක් අල්ලයි

 2024 මැයි 25 වන සෙනසුරාදා, ප.ව. 02:02 34

ව්‍යාපාරික වාර්තාකරු I

2023 වසරේදී හොර මුදල් නෝට්ටු (ව්‍යාජ මුදල් නෝට්ටු) 1769ක් මහ බැංකුව විසින් හඳුනාගෙන ඇතැයි 2023 වසර සඳහා වන ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය හා මෙහෙයුම් ප්‍රකාශනයෙහි සඳහන්ය.

මහ බැංකුව ප්‍රකාශ කරන ආකාරයට රටේ සංසරණය වන මුදල් නෝට්ටු දස ලක්ෂයකට හොර මුදල් නෝට්ටු 1.4ක් ඇතුළත්ය. පවත්නා ලෝක තත්ත්වය අනුව ලෝකයේ සංසරණය වන මුදල් නෝට්ටු දස ලක්ෂයකට හොර මුදල් නෝට්ටු 15ක් ඇතුළත් බව හඳුනාගෙන තිබේ.

මෙරට මුදල් වෙළෙඳපොළට ව්‍යාජ මුදල් නෝට්ටු ඇතුළත් කළ සිදුවීම් 11ට මේ වනවිටත් නඩු පවරා ඇති බව මහ බැංකුව වාර්තාව වැඩිදුරටත් කියයි.