2024 ජුනි 01 වන සෙනසුරාදා

ස්ටාර්ලින්ක් ලංකාවටත්

 2024 ජුනි 01 වන සෙනසුරාදා, ප.ව. 02:00 30

ව්‍යාපාරික වාර්තාකරු I

ලොව පුරා ග්‍රාහකයන් මිලියන සිය ගණනකට අන්තර්ජාල සේවා සපයන ඊලෝන් මස්ක්ගේ ''ස්ටාර් ලින්ක්'' සේවාව සඳහා ඇණවුම් කිරීමේ අවස්ථාව ශ්‍රී ලාංකිකයන්ට දැන් හිමිවී තිබේ.

මේ වනවිට ශ්‍රී ලංකාවේ අන්තර්ජාල සේවා සඳහා ලියාපදිංචි වී සිටින සංඛ්‍යාව දස ලක්ෂයක් පමණය. ස්ටාර් ලින්ක් සේවාව සඳහා සම්බන්ධ වීමෙන් දැනට වයිෆයි පහසුකම ලබාගැනීමට අපහසු ස්ථානවලට පවා සේවාව ලබාගත හැකිය.

මේ වසර ආරම්භ වනවිට ඊලෝන් මස්ක්ගේ ස්ටාර් ලින්ක් ආයතනය අභ්‍යවකාශ ගත කරන ලද චන්ද්‍රිකා 5874ක් මගින් ලොව පුරා මෙම සේවාව සපයා ඇත.

මෙකී සේවාව සඳහා ලියාපදිංචි වීමට රුපියල් 2700ක් පමණ (ඇ.ඩොලර් 9ක්) අය කෙරෙයි. අනතුරුව මූලික උපකරණ මිලදී ගැනීම සඳහා එක් ග්‍රාහකයකු රුපියල් 90,000ක් පමණ වැය කළ යුතු බව පැවසේ.

පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඊලෝන් මස්ක් අතර ඉන්දුනීසියාවේදී සිදුවූ හමුවේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවේද ස්ටාර් ලින්ක් සේවාව ස්ථාපිත කෙරේ.